Wednesday, December 24, 2014


හිතට දැනුනු ගීයක් 

ගුණදාස කපුගේ කියන්නේ සංගීතය තුලින් ලංකාවේ එක්තරා ආකාරයක විප්ලවීය පෙරලියක් ඇති කරපු මනුස්සයෙක්.පෞද්ගලිකව මමත් බොහොම අසා කරන ගායකයෙක්.මිනිසුන්ගේ ජිවිතයේ දුක,සතුට,තනිකම,විරහව වගේ ගොඩාක් දේවල් ගැන ගීත කියපු කෙනෙක්.

මිනිස්සු වෙනුවෙන් ඔහු ගායන කරපු ගීත අතුරින් ලුෂන් බුලත්සිංහයන් අතින් ලිය උනු මේ ගීතයත් හිතට වදින දැනෙන ගීතයක්.මිනිසුන් අතර තියෙන පන්ති භේදය ගැන බොහොම අපුරුවට කියවෙන පද රචනයක්.වර්තමානයේ රට තුල අහිංසක දුප්පත් මනුස්සයෝ එදා වෙලා කන්න නැතුව අසරණව ඉද්දි ධනපතියෝ එක රැයකදී අනවශ්‍ය විදියට දහස් ගණන් මුදල් නාස්ති කර විනෝද වෙන රටක තමා  අපි ඔක්කොමල ජිවත් වෙන්නේ.දුප්පත් පවුල් වල ඉන්න දෙමව්පියන්ගේ දරුවන්ව  පාසල් යවාගන්න බැරුව කන්න නැතුව ඉද්දි   ධනවත් පවුල් වල අය තම දරුවන්ගේ උපන්දින සාද වලට නිකරුනේ මුදල් වියදම් කරනවා.මේක හැමදාම හැමෝම වෙනස් වෙන්න ඕනා වෙනස් කරන්න ඕන කියල කිව්වට එක වෙනස් වෙන්නේ නැති එකයි ඇත්ත තත්වය.මේ පවතින පන්ති භේදය ගැන ලියඋනු අපුර්ව නිර්මාණයක් තම මේ ගීතය. මට දැනුන ආකාරයට මේ ගීතයේ තේරුම මේකයි

විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා

ඔබේ මන්දිරේ            

ධනපති පන්තියේ තරුණියක් සමග දුප්පත් පවුලක තරුණයෙක් විවාහ වෙලා  එම තරුණය සාදයක් තුල මුහුණ දෙන අත්දැකීම තමයි ගීතයෙන් කියවෙන්නේ.නෙක නෙක වර්ණයේ විදුලි බුබුළු  මැද බොහෝ පිරිසක් විනෝද වෙමින් සිටිනවා.ඔවුන්ගේ සමාජ පන්තිය තුල මේ තරුණයා බොහොම අසරණව සාදයේ අදුරු මුල්ලකට වී කල්පනා කරනවා. 

එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ


තරුණයා දකිනවා ඇය සාදයේ ඉන්න හැම කෙනෙක්ටම කන්න බොන්න ආරාධනා  කරමින් බොහොම විනෝදෙන් සිටින ආකාරය.නමුත් තරුණියට තමන්ගේ ස්වාමියා වෙන මේ තරුණයා ගැන කිසිම ගානක්වත් නැහැ.සාදයේ ඉන්න හැමෝගෙම කතා බස් සහ හඩවල් මැද්දේ ඈතින් සිටින තරුණයාට මේ තරුණියගේ හඩ ඇසෙනවා. 

සුරාගෙන පිරූ විතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යළි සොඳුරේ
මැදුරු දොර දිහා


බොහොම උසස් ලෙස තියෙන මේ සාදයේ හැම කෙනෙක්ම  මත් වෙලා ඉන්නවා.හැම කෙනෙක්ම සංගීතයත් එක්ක විවිධ විදියට නටමින් විනෝද වෙනවා.ඒ අතර තුර සාදයේ කෙලවර ඉන්න තරුණයා සාදය තියෙන මැදුරේ දොර දිහා කවුරු හරි බලන්න කියල හිතින් හිතනවා.

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා


තරුණයා  දකිනවා  තමන් වගේම සමාජයේ දුප්පත් හිගන ළමයි පිරිසක්  සාදයේ දොර ගාවට ඇවිල්ලා කන්න බොන්න මොනවහරි ලැබෙයි කියල  අසරණ දෑස් වලින් බලා ඉන්නවා.සාදයේ ඉන්න කිසිම කෙනෙක්ට මේක ගානක්වත් නැහැ කාටවත් මේක පෙන්නේ නැහැ .බඩගින්නේ ඉන්න ළමයින් කතා කරලා ඉල්ලන්න බැරි නිසා ඔවුන් ඉදුල් ටිකක් හරි දෙන්න කියල අත් දිගු කරගෙන ඉන්නවා.

ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා සිටී
පළා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී


මේ සියල්ලම බලන් හිටපු තරුණයාට තේරෙනවා තමන්ට මේ පවුල් පසුබිම ගැලපෙන්නේ නැහැ කියලා.මේ සියලු දේවල් තුල ඔහුට කිසිදු වටිනාකමක් නැහැ කියලා ඔහුට තේරෙනවා.ඔහු එක මොහොතක් හෝ එතන ඉන්නේ නැතුව ඇයගෙන් මිදී ඔහුගේ ලෝකය සොයාගෙන පලා යනවා.ඔහුගේ ලෝකය වෙන්නේ බොහොම දිලිදු පැල්පත් නිවාසයක් වෙන්න පුළුවන්.

ගීතය මෙතනින්
https://www.youtube.com/watch?v=vRSHGLkTvp4

Saturday, October 18, 2014

  චුටියා

 කොටුවේ ඉදන්
 සෙනග ගොඩේ
 bus එකේ
 මගේ එක්ක

සැපත් ටික ටික
දුකත් හොදටම.
වෙන්වෙන්නට හැරයන්නට
බැරි තරම්ම සෙනග ගොඩයි.

වෙනදට පැය 2කේ ගමන
traffic නිසා
වැස්ස නිසා අදනම් විනාඩි 45යි
පැය දෙකයි ගමනට

පොතුහැරින් බැස්සත්
තාමත් මගෙත් එක්ක
දැන්නම් හොදටම ඇති.....

   තුහ් විතරක් !
උබ හිටපන්
මන් යන්නම්.

මට දීපු  සැප දුක
දෙන්න එපා කාටවත්ම
ඇලවිලාවත්
 මගේ චූටී
"චුයින්ගම්"
කෙල්ලේ !

Wednesday, May 28, 2014

උත්තර,ප්‍රශ්න



උත්තර හරි !
එත්

සමහරවිට
ප්‍රශ්නයි
වැරදි ඇති !


shagg yasitha

Saturday, May 24, 2014

එක්තරා ආදර අන්දරයක්~


උබයි මමයි හම්බුනේ face බුකියෙන්
chat කරලා කරලා,number එක ඉල්ලගෙන
message යවල යවලා මන් උබේ හිත දිනා ගත්තා
කාලයත් එක්ක උබයි මමයි පෙම්වතුන්ද මොනුන්ද උන් උනා
එක දවසක් රාජගිරියේ පල්ලිය ගාව උබ මම meet උනා.
අඩියක්වත් ඇතින් හිටපු නැති උබ එක්ක මම phone එකෙන් කතා කරේ(උබේ ලජ්ජා කමටද නැත්නම් ලැජ්ජයි වගේ රගපැවද කියලා අදටත් මට ප්‍රශ්නයක්)
මට ඕන උනා උබත් එක්ක පොඩි වෙලාවක් කතා කරන්න
175 bus එකේ නගපු උයි මමයි නතර උනේ  bird park එකේ
විනාඩි 10ක් විතර උබ ලගටවත් එන්න නොදී අතේ දුරින් කතා කරලා උබ යන්නම් කියලා යාළුවා එක්ක යන්න ගියා.
කාලය ගෙවිල යද්දී අපි දෙන්න පෙම්වතුන් උනා(අදටත් සැකයක් තියෙනවා මම විදිතර ඔයාට ආදරේ කරේ කියලා)Skype එකේ face book එකේ අපි නොසහෙන්න chat කරා.දෙතුන් පාරකට වැඩ meet වෙලා නැති උබයි මම ආදරේ කරේ mobile phone එකෙන්.
ආදරේ කරගෙන යනකොට මට තේරුණා උබේ වෙනසක් මන් කෙලින්ම උබෙන් එක ඇහුවා.උබ හරි අපුරුවට මට දුන්නා උත්තරේ තමා මට boy friend කෙනෙක්  නැහැ මන් ගැන එහෙම අවිශ්වාසයක් තියන් එපා කියලා.මම ඔයාට ආදරෙයි කියන වාරයක් පාසා මමත් ඔයාගෙන් ඔයත් මට ආඅදරෙයි කියලා කියයි කියලා බලාපොරොත්තු උනාට උබ එක කිවේ නැහැ.මම ආදරේයි කියලා කිවම උබ හ්ම්ම් කිව්වා විතරමයි කලේ.
එක දවසක් උබ bus එකේ ගෙදර යදි නාකි uncle කෙනෙක් ඔයාග අගට හේත්තු උන නිසා bus එකේ හිටපු කෙනෙක් උබට seat එකක් දුන්නා කියලා මට කිව්වා,එකත් කිවේ ඒ වගේ හොද අයත් ලංකාවේ ඉන්නවා නේද හලෝ කියලා.මම උබට දිගට හරහට message කල call කර ඒවගෙන් 10% විතර තම උබ මගෙත් එක්ක කතා කලේ message කලේ.මට තේරුම් ගන්න බැරි උන උබට මොකක්ද උනේ කියලා.මම කතා කතා කරන සමහර දවස් වලාට උබ කිවා උබට එහා පැත්තේ office එකේ වැඩ කරන යාලුවෙක් ඉන්නවා ඒ නිසා කතා කරනන් බැහැ කියලා.එක එක දේවල් කියලා උබ හැදුවේ මන් කතා කරන එකයි message කරන එකයි නතර කරලා මගෙන් අයින් වෙන්න කියලා මට තේරුණා.උබ හිතාගන්න බැරි විදියට වෙනස් උනා.ඒ වෙනස් වීම නිසා මගේ ජිවිතේ හිතාගන්න බැරි විදියට උඩු යටිකුරු උනා
උබව කාලෙකින් දැක්කේ නැති නිසා මන් උබට හොද උබ වැඩ කරන තැන ඉදන් bus එකට නගින තැනට යනකන් මන් උබේ පස්සෙන් follow කරා.උබ bus එකට නැගල seat එකක ඉඩගත්තට පස්සේ මට පුදුම සහල්ලුවෙක් සතුටක් ඇතී උන මට මගේ කෙල්ලව ගොඩ කාලෙකින් දැකගන්න හම්බෞනනේ කියලා.ඒ සතුටත් එක්ක මම 174 bus ගහන තැන පහු කරලා ටිකක් ඉස්සරහට ඇවිල්ල අයෙත් හැරිලා අවා උබත් එක්ක කතා අක්රනන් හිතාගෙන.ඒ වෙනකොට bus එක start කරලා යන්න ලෑස්ති වෙනවා.මන් foot board එකේ එල්ලිලා උබ ඉන්න තැනකට එනකොට මම දැක්ක දේ මට කවම දවත් විශ්වාස කරන්න බැරි උනා.උබ තවත් කොල්ලෙක් එක්ක උකුළු මුකුලු දාදා බොහොම ආදරෙන් bus එකේ යන හැටි උබල දෙන්නම හිටපු seat එක ලග හිටගෙන මම බලාගෙන හිටියා කරන්නේ මොනවද කියලා කල්පනා කර කර.මට එක දෙයක් තේරුම් ගිය ඒ උබේ මුනේ තිබ්බ ලස්සන හිතේ නැහැ කියන එක

ඉතිරිය පසුවට ~~

Monday, May 5, 2014

~මාරයා~

මාරයා

හිතුවේ ආතල් කොළ කෑලි බට එක්ක කියලම
ඉන්න දුන්නෙම නැ නිතර phone එකට call
මොකෝ වෙන්නේ,මොකුත් නැද්ද මචෝ
හැමදාම අහන්නේ එකම ප්‍රශ්නෙමයි

අරෙහෙ බඩු තියේ,මෙහෙත් බඩු තියේ
සුප්පා ආතල් වරෙන් යන්න යමු
එකම රටාවට දවස් ගෙවෙනවා
ගැලවිමක්නම් ඇතී නැති ගානය

ගත්තා තීරණය සමු දුනි උබල ඔක්කොටම
තරහ වෙනු එපා යදින්නේ නැහැ සමා
එකෙක් හෝ හැදුනොත් කාටද ආඩම්බර
ලෝකයේ හැඩ පියවි සිහිය මට දැන් පෙන්වයි

SHAGG YASITHA

Friday, May 2, 2014

කොලබ කාරයා නොහොත් කෝලම් කාරයා !



ඔක්කොමලාව පිළිගන්නේ ලංකාවේ අගනුවර කොලබ පුරවරයට කියලා.උබට සමහරවිට Colombo වගේ තැනක් තවත් ලෝකේ කොහෙවත් නැතුව ඇතී.යන හැම තැනම ගෙදර වාගේ ඇතී.අඩෝ අපි Colombo,slave island මගේ යාලුවෝ සෙට් එක ඉන්නේ මාලිගාවත්තේ,fun ගන්නවානම් mount lavinia කියලා උබ හෙන උජාරුවෙන් කියලා මගෙන් ගෙවල් කොහෙද කියලා අහපුවම මන් උබට කිවේ මන් ඉන්නේ පොතුහැර කියලා.උබ ඔක්කොමල ඉස්සරහ අපෝ වන්නිය නේද බන්,හෙන දොටේ නේද කියලා උබලවගේ වචන වලින් මට සවුත්තුවක් දැන්මා.මට දුකක් තියා තරහක්වත් උබ ගැන නැහැ.මොකද මම උබට වැඩියේ දාන්න ඕනෑ සෙල්ලම්,කරනන් ඕනෑ හැම වැඩක්ම,දකින්න ඕනෑ හැමදෙයක්ම උබ ඔය සුරපුරයක් කියන කොලබ ඇතුලේ කරලා තියෙනවා.හැබැයි ගමක ඉපදුන කොල්ලෙක් විදියට මගේ බොරු posh කැටයම් නැ මචෝ.උබ Colombo කියලා කෑ ගහලා බොරු සෝබන දැන්මට ඇත්තටම උබත් Colomboද කියලා මටත් සුරේ නැහැ 
අපි ඔක්කොම ඉන්නේ මේ ශ්‍රී ලංකාව කියන පුංචි මුඩුක්කු පැල්පත ඇතුලේ.එක ඇතුලෙත් උබල ජාති ආගම්,කුල මල වලටයි කොලබ එවුන් තමා පොරවල් කියලා ඔප්පු කරවන්න පුදුම උත්සහයක් ගන්නවා.කොලබ කියන්නේ හොද තැනක් වගේම අසික්කිත තුප්පහි තැනක් කියලා දැනගෙන එක එහෙම නෙමේ කියන්න උබලා මාරම විදියක මවාපෑමක් කරනන්න හදනවා.ඔය ඉන්න තැනින් පොඩ්ඩක් ඒලියට ඇවිල්ලා ඇස් දෙක ඇරලා පියවි සිහියෙන් බලපන් ලංකාවේ කොලබට වඩා කොච්චර ලස්සන තැන් තියෙනවද
ලංකාව කියන්නේ කොලබ විතරක් නෙමේ කියලා පිලිගනින්.ලංකාවේ අනිත් තැන් වලටත් ඒ තැන් වල ඉන්න අයවත් කොලබ නෙමේ කියලා සමච්චල් නොකර ඉදපන්.
ලංකාවේ අපිට ඉන්නේ ලංකාවේ අපිම විතරයි සහෝදරයා!
බොරු කොලබ කාරයෙක් නොවී සැබැ  ශ්‍රී ලාංකිකයෙක් වියන්

SHAGG YASITHA !

Monday, April 28, 2014

මනුස්සකම

මනුස්සකම ?

කා ලගවත් දැන් එක නැහැ
අපි වටේ වෙන නරක දේවල් වලටත් අපි කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ.
අපි එක දකින්නේ පුවතක් විදිහට
උබ මම හැමෝම ජිවත් වෙන්නේ අවශ්ෂතා මත.ඒ අවශ්ෂතා එක්ක මිනිස්ස්නුන්ට මනුස්සකම අමතක වෙනවා.
මාහාචාර්ය කෙනෙක් හෝ රටේ නමගිය කෙනෙක් විදියට ඔහු සමාජයට දෙයක් කරාට,එත් මේ සමාජය ඔහු වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ!
ඔහු හෝ ඇය මරුන දවසට ගුණ ගී ගායනා කරමින් ඔවුන් වෙනුවෙන් පිළිම නෙලාවී!
ඒ මතකයත් එක්ක ටික දවසක් ඉදිවී
ඊට පස්සේ ඒ වගේ එකෙක් හිටියද කියලවත් උබට මට මතක නැති වේවි!
මේකද ජිවිතේ විය යුත්තේ?
අඩුම තරමේ දැන්වත් ජිවත් වෙලා ඉන්න අයව රැකගෙන අපේ මනුස්සකම පෙන්නන්න කාලය අපට නැතිද?
එච්චරටම උබලා අපි කාර්යබහුලද?